පසුගිය කාලවකවනුවේ සෝවියට් රුසියානු සමූහ ආණ්ඩුවේ මුද්‍රණය කර ලංකාවට එවන ලද, මෙම කෘතීන් නැවත කඩුල්ල ප්‍රකාශන ආයතනය විසින් චීනයේ උසස්
මුද්‍රණ තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් නැවත මුද්‍රණය කර ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත .
“මල්ලි අළු ඉහින්නට පටන් ගත්තා විතරයි. පරුවතවලට පණ ආවා. ඒවා නැවත මිනිසුන් බවට පත්වුණා. අයියටත් පණ ලැබුණා. සතුන්ට පණ ලැබුණු හැටියේම උන් මායාකාර මැහැල්ලගේ ඇඟට කඩා පැනලා ඇය මරා දැමුවා .
මුළු රටම ප්‍රීතිය වුණා. රජතුමා තමාගේ දූ කුමරිය එඬේරාගේ අයියට සරණ පාවා දුන්නා. ඒ කුමාරිට මාළිගෙන යන්නට බැරිවෙන විදිහට මායාකාර මැහැල්ල සාප කරලා තිබුණේ. එම සාපයත් අවසන් වුණා.
අයියගෙන් සමුගෙන මල්ලි තම රටට ඇවිල්ලා කුමරියත් සමග බොහෝ කාලයක් සතුටෙන් ජීවත් වුණා.
දිග අං ඇති සුදු මුවාට මොකද වුණේ? මායාකාර මැහැල්ල මළ හැටියේම සුදු මුවා සිහි නැතුව ඇද වැටුනා. එතකොට ඇගේ දිස්ටිය සුදු මුවාගෙන් වෙන්වෙලා ගියා. දැන් සුදු මුවා කාටවත් වරදක් නොකර කැලෑවේ හැම තැනම දුවනවා.”










Reviews
There are no reviews yet.