පසුගිය කාලවකවනුවේ සෝවියට් රුසියානු සමූහ ආණ්ඩුවේ මුද්‍රණයකර ලංකාවට එවන ලද, මෙම කෘතීන් නැවත කඩුල්ල ප්‍රකාශන ආයතනය විසින් චීනයේ උසස්
මුද්‍රණ තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් නැවත මුද්‍රණය කර ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත .
“රජ්ජුරුවෝ මහ නපුරා….., ගල් වංගෙඩි ගත්ත හොරා….. ළමයි දෙන්නා බඩගින්නෙ…… රජතුමාට උස්මුරුතේ …. මගේ කරමල රතට රතේ ….. නපුරු රජුට එයත් නතේ….”
රතු කරමලාගේ සින්දුව මිනිස්සුන්ට ඇහෙනවා. රජ්ජුරුවන්ගෙන් නපුරු වැඩ නිසා මිනිස්සු ඔහුට හිනාවුණා. ගල්වංගෙඩිය, අයියටයි නංගිටයි බාරදෙන්නට රජ්ජුරුවන්ට සිද්ද වුණා.
රජ්ජුරුවන්ගේ බඩ පලාගෙන රතුකරමලා එළියට ආවා. රතුකරමලා අයියයි නංගී ඉන්න ගෙදරට ගියා.
රතුකරමලා ගෙදර ආපු හන්දා අයියයි නංගි බොහොම සතුටු වුණා. ඔන්න ඉතින් එදා ඉදල මේ තුන්දෙනාම හොඳින් ජීවත් වෙනවා. ගල් වංගෙඩිය රොටී, කේක් කෑලි හදනවා. අයියයි නංගියි ඒවා කනවා. ගෙදරට එන දුප්පතුන්ටත් කෑම බෙදලා දෙනවා.










Reviews
There are no reviews yet.