පසුගිය කාලවකවනුවේ සෝවියට් රුසියානු සමූහ ආණ්ඩුවේ මුද්‍රණය කර ලංකාවට එවන ලද, මෙම කෘතීන් නැවත කඩුල්ල ප්‍රකාශන ආයතනය විසින් චීනයේ උස්ස මුද්‍රණ තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් නැවත මුද්‍රණය කර ශ්‍රී ලංකාවට ගෙනවිත් ඇත.
කොටිරාළ එයාගෙ විශාල වළිගයෙන් පොළොවට තට්ටුවක් දාලා, එයාගේ විශාල කට ඇරලා එයාගේ අති භයානක උල් දත් පෙන්නුවා.එක පාරටම ලොකු ශබ්දයක්…… හිස් බැරල් තොගයක් ගල් පාලමක වදිනවා වගේ….. අහස පෙරලනවා වගේ…. මිහිපිට තියෙනවා කියලා හිතාගන්නවත් බැරි ශබ්දයක් ….
උඩ විසිවුණු බළල් රංචුව පණ එපා කියලා දුවන්න පටන් ගත්තා. සුද්දිව ඉස්සර කරගෙන ගැබි, ඊටත් ඉස්සරහින් කල්ලියයි එයාගේ පැටියයි, එයාලට ඉස්සරහින් ඉඟුරු, ඒ සේරටම ඉස්සරහින් දුවන්නේ කොටිරාළගේ බෑණපොඩ්ඩ මාමඩුක්. එයා මොනතරම් බය වුණාද කියනවා නම්, එයාගේ මාමා කිව්වෙ මොනවද කියලවත් එයාට ඇහුනෙ නෑ. ඇත්තටම මොකක්ද කොටි දාලා එයාගේ බෑනට කියන්න ඇත්තේ ,ග් ර් ර් ….ර් කියලා








Reviews
There are no reviews yet.