තාත්තා වැඩ නිමවීම ගෙදර එන්න පමා වුණා. වාන්යා තාත්තා බලන්න ගියා. ඉතින් දෙදෙනාම බර්ච් තුරු වදුල මැදින් ඇවිදගෙන ආවා. ඒ වෙනකොටත් අඳුර වැටිලා. පටු මාවත දෙස තිබූ ගස් පාරට නැමී තිබුණා. පඳුරු පුරා පිපී තිබුණු මල් දෑස පියාගෙන නින්දට වැටිලා. දැන් නම් කාටවත් ඒ මල් නිල් පාටද රතු රතු පාටද කියා කියන්න බැහැ .සුදු මල් විතරක් උස ඉටිපන්දම් ඒවායේ හිස දල්වාගෙන අඳුරේ දිලෙන්නා වගේ පෙනෙන්න තිබුණා.
වාන්යා අඩිය ඉක්මන් කළා .තාත්තා යන වේගෙන්ම ඇවිදින්නයි එයා උත්සාහ කලේ. තාත්තයි පියවරක් තබද්දී දී වාන්යාට පියවර තුනක් තබන්න වුණා. ඒත් වාන්යා හිටියේ තාත්තට වඩා පිටුපස්සෙන්.
“කරුවලයි තාත්තා.” වාන්යා කීවා. “මට පාර පේන්නෙත් නෑ. අපි අතරමං වෙයිද දන් නෑ.
“බයවෙන්න එපා එහෙම වෙන්නේ නෑ”








Reviews
There are no reviews yet.