“බොබ්කාට සුපිරි වර්ගයක දිගකලිසමක් තිබුණා. ඒ කාකි පාට එකක්. ඒ කලිසමට බොහෝ ආසා කළ බොබ්කා නිතරම ඒ ගැන පාරම් බෑවා.
“ඔයගොල්ලෝ දැක්කද මගේ කලිසම.? ඒක නියම සොල්දාදු කලිසමක්”.
ඇත්තටම කියනවා නම් ඔහුගේ මිතුරන් කවුරුත් ඒ කලිසමට බොහොම ඊර්ෂ්යා කළා. මේ වගේ එකක් කිසිම කිසි මිතුරෙක් ළඟ තිබුණේ නෑ.
එක දවසක් දා බොබ්කා වැටක් උඩින් පනන අතරේ වැටේ තිබුණ ඇණයකට ඔහුගේ මේ සදාදරණිය කලිසමෙන් කොටසක් ඉරි ගියා.
බොබ්කාට හරිම හුඟක් කේන්ති ආවා විතරක නෙවෙයි එයාගේ දෑස පිරිලා කඳුළු කැට කඩා පැන්නා. වේගයෙන් නිවසට දිව ගිය ගිය ඔහු කලිසම නැවත සකසා දෙන්නයි අම්මාගෙන ඉල්ලා හිටියා. අම්මටත් හුඟක්ම කේන්ති ආවා .
“පැටවල් උඩින් කරණම් ගහන්න ගිහිල්ලා කලිසමත් ඉරාගෙන මට මොකටද දණ්ඩ දාලා දෙන්න කියන්නේ?”
“ආයෙමත් එහෙම වෙන්නෙ නෑ,”බොබ්කා කීවා. “අනේ අම්මා “”තනියම අන්ඩ දමා ගන්න එකයි ඇත්තේ” අම්මා සැර වුණා.
“ඒත් මං දන්නවද අණ්ඩ දමන්න ? ” බොබ්කා කන් කෙදිරි කෙඳිරි ගෑවා .
“ඉරාගන්න දන්නවනම් මහගන්න නොදන්නෙ මොකෝ?”









Reviews
There are no reviews yet.