ජමීලා- JAMEELA

(1 customer review)

Original price was: රු250.00.Current price is: රු200.00.

In Stock

“තරුණයන්ගේ මේ සරදම නිසා සිටි කමතේ සිටි හැම දෙනෙක්ම සිනා සුනහ. තිරිඟු පොළන මහල්ලෝ තම උදුලු අහකට දමා ඔවුන්ගේ සතුටු කඳුළු පිස දැමූහ. ඔවුන්ගේ දුඹුරු පැහැති මුහුණේ රැළි වලින් ප්‍රීතිය විදහා පෙන්වන ආලෝකයක් මතු වී, ඔවුන් මොහොතකට තරුණ බව ලැබුවන් බවට පත්විය.
ජමීලා තරුණයන්ගෙන් බේරා ගැනීමට තමන් සතු ඊර්ෂ්‍යා සහගත වගකීම මොහොතකට අමතක කරමින් මමත් සිත පුරා සිනාසුනෙමි.
සිනහ නො වූ එකම පුද්ගලයා දානියාර් පමණකි. අහම්බෙන් මම ඔහු දුටු වෙමි.නිහඬ වීමි. ඔහු කමතේ එහා කොනේ දෙපා පුළුල් කරගෙන හුදෙකලාව සිටියේ ය. ඔහු වහා ම දිව ගොස් තරුණයන්ගේ ග්‍රහණයෙන් දැන් දැන් ජමිලා මුදා ගණිතයි මට සිතුනි “

Author:චිංගිස් ආයිත්මාතව්

1 review for ජමීලා- JAMEELA

  1. Priyantha Ranasinghe

    ජමිලා
    සෝවියට් රුසියානු සාහිත්‍යයේ ලියවී ඇති ජමිලා නම් මෙම කෘතිය මහා පොළවේ යතාර්ථය එළි දක්වන නිර්මාණයකි . ජීවිතය කියවීමට සමත් අපුරු විනිවිද නිර්මාණයකි .
    ”පුරුෂයෙකු ලැබීම පහසුයි නමුත් පුරුෂ ප්‍රේමයක් ලැබීම අපහසුයි . ජමිලාට සදික් නම් පුරුෂයා හමුවිය . නමුත් ඔහුගේ ප්‍රේමය ???? ඔව් එය හිස්ම හිස් අවකාශයක් පමණි . එය පිරවුයේ දනියාර් නම් පුරුෂයා සතු පුරුෂ ප්රේමයෙනි .”
    සෝවියට් රුසියන් සාහිත්‍ය තුල තියෙන වැදගත්ම දේ ජිවිතය කියවීමට උපදෙස් ලබා දීමයි .
    ආදරය, ප්රෙමනියත්වය ,විරහව , යුද්ධය, දරාගැනීම, වැනි මානුෂිය ලක්ෂණයන්ගෙන් හෙබි මෙම කෘතිය කාන්තාව පිළිබද මනා දර්ශනයකින් හෙබි කෘතියකි . එමෙන්ම වැඩිහිටි බක්තිය තුල කිදා බැස ඔලුව පහතට හෙලා සිටින කාන්තාව පිලිබදව මෙහිදී අවදානය යොමු කරන අතරම සමාජය තුල ඇති විෂමත්වය පිලිබදව අවදානය යොමු කරන සෝවියට් රුසියන් සාහිත්‍යාංගයකි .

Add a review

Your email address will not be published. Required fields are marked *