ගුරු ගීතය. THE FIRST TEACHER-CHINGIZ AITMATOV
Original price was: රු250.00.රු200.00Current price is: රු200.00.
In Stock
මේ පොතෙහි විස්තර කරන සිද්ධීන් කිර්ගීසියවේ සෝවියට් බලය ස්ථාපනය වීමේ කාලවකවානුවට අයත් වේ.
තරුණ අල්තිනායිට සහ ඈත කඳුකරයේ විසූ කිර්ගීස් ජාතිකයින්ට සෝවියට් දේශයේ නීති ගෙනා තරුණ ගුරුවරයෙකු වූ දුයිශේන් හමුවූයේ මේ කාලයේදීම ය.
තම තරුණ විය හා පළමුවැනි ආලය ගැන අල්තීනායි විසින්ම ඉදිරිපත් කෙරෙන, විස්තරයක් මෙන් මේ පොතේ ලියන ලදී..
Priyantha Ranasinghe –
ගුරු ගීතය
ප්‍රේමය, ආදරණියත්වය, විරහව, දයාව, දරිද්‍රතාව, පිඩිත බව, වැනි විවිද තේමාවන් ඔස්සේ ගලා යන මෙම ගුරු ගීතය කෘතිය සෝවියට් රුසියානු සාහිත්‍ය තුළ මැකී නොයන සලකුණු තැබූ වාර්තාගත කෘතියකි . ඈත අයිලය පුරා දිවෙන ආදරණිය මුල් ගීතය ගුරු ගෝල සබදතාව, අදරණියත්වය, පුරා දිවෙන මුල් ගීතය ඉතිහාසගත වී හමාරය .
පුංචියට තියෙන ගුරු ගීතය පොත ඇතුලේ තියෙන කතාවනම් පුංචිම නෑ. එක හුස්මට දරාගන්න අමාරු අකුරු ගොඩක් මේ පුංචි පිටු ඇතුළේ තියෙන විත්තියනම් කියන්නම ඕනේ …… අවසාන පිටු දෙක තුන ඇතුළේ එක හුස්මට ආයෙම මුල ඉදන් කියවගෙන ගියානම් කියල හිතෙන තරමට ලස්සන වගේම ”මොකද්ද ඒ උනේ” කියල හිතෙන පුංචිම පුංචි අයිලයේ පොතක් මේක . අයිලයේ කෙළවරක ඔවුන් සිටවන ”පොප්ලර් ගස් වලාකුළු සිබින ආකාරය බලන්නම තිබ්බනම්” කියල හිතෙන තරමේ කතාව ඇතුලෙම ජිවත් වෙන්න ආස හිතෙන තරමේ ජිවිතයට බලාපොරොත්තු තියෙන විත්තිය හරිම අපුරුවට දැනෙන්න අගවන හරිම අපූරුවට හැඩ ගැන්වුණු අකුරු එකතුවක් මේක …….
”ඔව්!!
ශිත කාල පැමිණේවි
තද ශිත කුනාටු හමාවී
හිම කැට සහිත මහා නපුරු සුළි සුළං හමාවී
එහෙත් වසන්තය එනවා සත්තකයි ”
දුර ඈත අයිලයේ පොප්ලර් ගස් තීරුවේ ඇවිද යන්නට අහස උසට වැඩුණ නියුන් පොල්ලර් වරු දැක ගන්නට ඔවුන් වලාකුළු හිස් සිප ගන්නා අකාරය විද දරා ගන්නට එන්න…… ගුරු ගීතය එක හුස්මට කියවන්න .