ලස්සන වසිලීස්සා.රුසියන් සුරංගනා කතා
Original price was: රු2,000.00.රු1,600.00Current price is: රු1,600.00.
In Stock
“වසිලීස්සා,වසිලීස්සා පලයන්, ගින්දර ඉල්ලාගෙන වරෙන්.බාබායිගා යකින්නගෙන් ගිනි එළියක් ඉල්ලාගෙන වරෙන්.” දුවරු දෙන්නා වසිලීස්සාව ගෙයින් පිටතට තල්ලු කරලා දොර වැහුවා.
ඇහැට ඇන්නත් පෙන්නේ නැතිතරම් කළුවරය: මූකලන් කැලෑව: නපුරු කුණාටු: වසිලීස්සා අඬන්නට පටන් ගත්තා.සාක්කුවේ තිබුණ බෝනික්කාව එලියට අරගෙන මෙහෙම කිව්වා :
“අනේ මගේ හොඳ බෝනික්කෝ ගිනි එළියක් ඉල්ලාගන්නට මාව යකින්න ලඟට යවනවා. ඈ මිනී කන යකින්නක්. ඇය මගේ ඇටකටු පවා කා දමාවි” නුඹ බය වෙන්න එපා.
“මා නුඹ සමඟ ඉන්නා තුරු නුඹට විපත්තියක් වෙන්නේ නැහැ” බෝනික්කා කිව්වා
Priyantha Ranasinghe –
ලස්සන වසිලිස්සා
මායාකාරී ජිවිතයක් ඇතුලත ගෙවී යන ආකාරයට ලියවී ඇති මෙම සෝවියට් රුසියන් සුරංගනා මායාකාරී කතා එකතුව ළමා මනස තුළ මුල් බැස ගත් සුන්දරතම මායාකාරී කතා එකතුව ලෙසින් පෙන්වා දිය හැක .
”දවල්ට නැති නුවණ රෑට පහළ වෙනවා”
යැයි ප්රචලිත සෝවියට් රුසියන් කියමනේ අයිතිකාර පොතත් මේ කියන ලස්සන වසිලිස්සාම තමා ….
ඇත්තටම ඔව් රාත්රිය කියන්නෙම මායා ගොන්නක් පිරුණු නිහඩම වෙලාව වටපිටාවෙන් ඇහෙන මායාකාරී සද්දබද්ද විතරක්ම පිරුණු රාත්රි මායාව ඇතුලේ දවල්ට නැති නුවණ පහළවීම අරුම පුදුම අපුර්වක්ම තමයි .
මායාකාරී කතන්දර 18 ක් පුරා දිවෙන මෙම කෘතිය දගකාර සුන්දර සුරංගනා හීන ගොන්නක්මයි .
ඇස් අදහාගත නොහැකි තරම් ලස්සන වසිලිස්සා වගේම ,ඉවාන් කුමාරයා ජිවත් වන , මායාකාරී නපුරු යකින්න බාබයිගා ඉන්න, හරි පුදුම බිරියෝසා ගහ වගේම ,එකම මුණ තියෙන උසම උස සහෝදර හත් කට්ටුව වගේම අරුම පුදුම වෙස් ගන්න රාජාලි යාළුවා ගැන වගේම හැමෝම නපුරුයි කියල හිතන් ඉන්න වෘකයා ඉන්න මායාකාරී දගකාර හීන ලෝකේ ඇතුළේ ගිලී අතරමන් වී හීන දකින්න කැමතිද ?
ඉතින් එන්න අයෙමත් ලස්සන වසිලිස්සා කියවන්න …………
හාඩ් බයින්ඩ් කරන ලද ඝනකම් පිටු 212 කින් සමන්විත කෘතිය දැම්ම මිලදී ගන්න එන්න .