තක්ෂිලා සමන්ති ජයසේකර නම් පරිවර්තිකාව අනුවාදනය කර ඇති මෙම කෘතිය සෝවියට් රුසියන් ජන කතාවකි .නයිදෙන සහ මැයිනිය වටා දිවෙන මෙම කතාව චිත්‍ර රුප ඇසුරෙන් මනා සේ විචිත්‍ර කර ඇති ඉතා විශිෂ්ට අනුවාදනයකි. අවුරුදු 3-12 අතර දරුවන්ට උචිත මෙම කතාව සෝවියට් රුසියා ජන මාද්යයේ පවතින ඉපැරණි ජන කතාවකි . කල්‍යාණ මිත්‍ර ඇසුර මෙහි මුලිකම තේමාව කරගෙන තිබේ .
Priyantha Ranasinghe –
පුංචි අළු හාවා සහ රතු නරියා
සෝවියට් රුසියානු සාහිත්‍ය සම්බවය සහිත සෝවියට් ජන කතාවක් වන මෙය පුංචි දරුවන්ට කියවීමට බොහෝ සෙයින් වටිනා අනගි කෘතියකි . කුඩා දරුවන්ට කියවීමට ඇති රුචිය වැඩි කිරීමට උචිත මෙම කෘතිය අනුවාදනය කර තිබෙන්නේ තක්ෂිලා සමන්ති ජයසේකර මහත්මිය විසින් වේ . අකුරින් වචනයෙන් මෙන්ම චිත්‍රයෙන්ද හැඩ මෙම කෘතියෙහි චිත්‍ර යෙව්ගනී රයිකෝව් නම් මෙහි මුල් සෝවියට් කෘතියෙහි චිත්‍ර ශිල්පියා විසින් වේ .
අවුරුදු 3ත් 12ත් අතර දරුවන්ට කියවීමට බොහෝ සෙයින් උචිත මෙම කෘතිය පුංචි අහිංසක අළු හාවෙකු සහ කපටි බලහත්කාර රතු නරියෙකු වටා දිවයන සුන්දර ළමා කෘතියකි .
”එන්න ,එන්න රතු නරියෝ
හැන්ගේන්නට හදන්නේපා ,
එළියට වී බලන් ඉන්න රන් කුකුළා මන්
බොහොම තියුණු අලුත් කඩුව
අරන් ඉන්නේ ඔබ වෙනුවෙන් ,
ඉක්මනින්ම මෙහෙට එන්න ඔය ගෙදරින් පිටත් වෙලා
නැතිනම් එකවරම මගේ
ආයුධයක් අරන් ඔන්න
මග නොහැරම ඔබ මතටම පනිනවානේ මන් ……
තොප්පියකට පංකාදුයි ,රතු නරි හම හරි අපුරු ‘
අසාධාරණය පරාජ කරන අකාරය වටා දිව යන මෙම සෝවියට් ජන කතාව පුංචි මනසට අගනා වටිනා අනගි මහගු කෘතියකි . ඉතින් පුංචි දුවා දරුවන්ට කියවන්න හොදම ළමා කෘතිය දැම්ම ගන්න …..