අම්මා-MOTHER.MAXIM GORKY
Original price was: රු1,500.00.රු1,200.00Current price is: රු1,200.00.
In Stock
මිනිසුන් පත්රිකා අහුලාගෙන ඒවා සාක්කුවල සහ කබා අස්සේ සඟවා ගන්නා සැටි අම්මා දුටුවා ය. එයින් ඇගේ දෙපාවලට ලැබුණේ අමුතු පණකි. ගෞරවය පිබිද නැග එන සැටිද, සන්සුන් ගතිය සහ ශක්තිය වැඩිවන සැටිද , හැඟීම් උස්සන්න වන සැටිද ඈට දැනේ. පාගනු ලැබූ ගර්වය ගිනිගෙන ඇවිලේ. පත්රිකා මිටි බැගින් ගෙන වමට හා දකුණට විසුරුවා හරිමින් ඈ කතා කරයි. කෑදර අත් විසින් ඒ පත්රිකා අල්ලා ගනු ලබන්නේ.
“මගේ පුතාට සහ අනිත් අයට එදිරිව නඩුව විභාග කළේ ඇයි දැයි තමුන්නාන්සේලා දන්නෙ ද?
මම ඔබට කියන්නම්. කෙනෙකුගේ හදවත විශ්වාස කරන්න.ඇගේ පැසුණු හිස් කෙරෙහි විශ්වාසය තබන්න. තමුන්නාන්සේලා වෙත ඇත්ත ගෙනා බැවින් ඒ අයට එදිරිව නඩු විභාග පැවැත්වූවාම ඒ ඇත්ත ඊයේ දැනගත්තා. එවැනි ඇත්ත සමග තර්ක කිරීම කාටවත් බැරිය!
“ඔහු කාටවත් බැරි ය”
Reviews
There are no reviews yet.