මේ කතාව ලියැවෙන්නේ කා වෙනුවෙන් ද?
පළමුව, මග හැරී යා හැකි සංස්කෘතික, සාම්ප්‍රදායික විශ්වාසයන් හා වටිනාකම් ස්වල්පයක්, මග හැරෙන්නට නොදී යොවුන් සාහිත්‍ය නිර්මාණයක් ලෙස, කුතුහලයෙන් සෑම දෙයක් ම ප්‍රශ්න කරන නව යොවුන් වියේ සිට තරුණ විය දක්වා පාඨකයන්ට;
දෙවනුව, දෙමාපිය, දූ දරු සිත් වටහා ගන්නට, පවුලේ සබඳතා තවත් ශක්තිමත් කරගන්නට තිළිණයක් ලෙසින් දෙමව්පියන් වීමට සිහින දකින සැමට සහ කුඩා දරුවන්ගේ පටන් වැඩිහිටි දරුවන්ගේ දෙමව්පියන්ට;
තෙවනුව, මීළඟ පරපුරට දායාද කර ඇති වටිනාකම් මෙන් ම දායාද විය යුතු වටිනාකම් ගැන අලුතින් සිතන්නට සිතන මුහුකුරා ගිය අපේ ම ආදරණීය වැඩිහිටි පරම්පරාවට;
සිව්වනුව, අපේ ම සිතුවිලි රටා අධ්‍යනයට පොළඹවමින්, ධනාත්මක චින්තනයට මග පෙන්වීමක් ලෙස මේ පොත කියවන්නට සිත් පහළ වන හැමෝට ම..
ඉතින් සරලව ම, මේ පොත ලියැවෙන්නේ මේ හැමෝ ම වෙනුවෙන්..







Reviews
There are no reviews yet.