වීණාවක් රැගෙන ගිය දරුවා. ලාංකීය දෙමළ කෙටිකතා
Original price was: රු1,000.00.රු800.00Current price is: රු800.00.
In Stock
මෙරට දෙමළ හා මුස්ලිම් සාහිත්‍යකරුවන්ගේ නිර්මාණ මෙහි ඇතුළත්ය. වතුකරය, කොළඹ, උතුර සහ නැගෙනහිර මෙන්ම වෙනත් ප්‍රදේශවල දෙමළ භාෂාව පදනම් වූ උපසංස්කෘතීන් වලට අදාළ කෙටිකතා කෘතියෙහි අන්තර්ගත වේ. තම සමීපතයන්ගේ හද රිද්මය හඳුනා ගැනීමට සංවේදීතාවක් දක්වන ඔබට මේ කෙටිකතා එකතුවෙන් මනුෂ්‍යත්වය පිළිබඳ නැවුම් හැඟීම් දනවනු නියතය.
Priyantha Ranasinghe –
වීණාවක් රැගෙන ගිය දරුවා
මෙරට උතුරුකරයේ සහ නැගෙනහිර සම්ප්‍රදායික දමිළ සමාජය මෙන්ම වතුකර ඉන්දීය සම්බවයක් සහිත දමිළ සමාජයද විදෙස් ගතව ජිවත් වන දමිළ ජන සමුහයාද අළලා රචිත ඔවුනොවුන්ගේ සමාජමය සංසිද්ධීන් අළලා රචනා කර තිබෙන මෙම කෘතිය දමිළ නියෝජනය සහ විකාශනය පිලිබදව රචිත මහගු කෙටි කතා සංග්‍රහයකි . 1960 දශකයේ සිට මේ දක්වාම බොහෝ සාහිත්‍ය කරුවන්ගේ අද්දැකීම් සමුදායක ප්‍රතිනිර්මාණයක් මෙහි ඇතුලත් වේ .
කන්‍යා අරණ
විනාවක් රැගෙන ගිය දරුවා
වන්දි මුදල් චක්‍රය
අවසන් ගෞරවය
දුක හිතුනා රත්තරනේ
විදි පරඩ්ඇල්
කඩදාසි ප්‍රජාව
ගච්චාමි
අශෝක උයන්
ලස්සනම දවස
උතුරු නැගෙනහිර දමිළ ප්‍රජාව සතු අද්දැකීම් සමුදාය ගුලි කරගත් මෙම කෘතිය දකුණට විශේෂ කෘතියක් ලෙසින් පෙන්වා දිය හැකියි . නිත්‍ය ඇස නොගැටෙන දමිළ සමාජ සංසිද්දීන් මුලික කර ගත් මෙම කෘතිය ප්‍රදාන ලෙසින් ම දමිළ සමාජ වටපිටාව පිලිබදව අද්යනයට සුදුසුම කෙටි කතා සංග්‍රහයකි .
උතුරු සුළග දිගේ තල් අරණේ ඇවිද යන්න වගේම දමිළ සමාජ වටපිටාව මුලික සංසිද්ධීන් දාමයක පියාබා සැරිසරන්නට එන්න වීණාව රැගෙන ගිය දරුවා කියවන්න .