සැබෑ මිනිසෙකුගේ කතාවක්- A STORY OF A REAL MAN. BORIS POLEVOI
Original price was: රු1,400.00.රු1,120.00Current price is: රු1,120.00.
අහස් නියමුවාගේ පළල් ප්රාණවත් මුහුණ මිහිරි මෘදු දොම්නසකින් වැසිණි. ඔහුගේ බැල්ම පැහැදිලිය.දයාන්විතය. ඔහු අවුරුදු දහයකින් පමණ යෞවන වූ සැටියක් පෙනිණ. මොහු මැදි වියේ පසුවන්නෙක්දැයි මා සිතූ නමුදු ඔහුගේ වයස අවුරුදු විසිතුනක් බව දැනගත් පසු මම පුදුමවීමි.
“මගේ දෙපා නැතිවුනේ කවදාද? කොතනදීද? කොහොමද? කියලා අහන විට මට තරමක් කේන්ති එනවා. නමුත් මට දැන් සියලු දේ මතක් වුණා. ඔහේ අමුත්තෙක් අපිට ආයුබෝවන් කියා සමු ගත්තහම ආයෙමත් කිසිදාක හමුවන්නට පුළුවනිි…. ඔහේ සතුටු නම් මම මගේ දෙපා පිළිබඳ කතාව කියන්නම්.”
ඔහු ඇඳමත වාඩිවී කම්බිලිය නිකට දක්වා පොරවාගෙන තම කතාව කියන්නට පටන් ගත්තෙ හඬ නගා සිතන්නාක් මෙනි. මා ඔහු අසල සිටින බව පවා ඔහුට අමතක විය.ඔහු තම විපත්තිය පිළිබඳ කතාව අඟනා ලෙසත් සවිස්තරවත් කීවේ ය. ඔහුගේ තියුණු ඥානය ද, යහපත් කල්පනා ශක්තියද කැපී පෙනිණි. ඔහුගේ හදවත දයාන්විත විය. මීට පෙර කිසි දවසක නොඇසූ වැදගත් කිසිවක් මට අසන්නට ලැබෙන බව සිතූ මම මේසේ මත තිබූ ඇක්සයිස් පොත ගෙන ඔහුගේ කතාව සටහන් ගතිමි.
Reviews
There are no reviews yet.