“එක් දවසක් උදේ ගමට ඇතුල් වන දොරටුව දිහාවෙන් මිහිරි කුරුලු ගීත හඬක් ඇහෙන්න පටන් ගත්තා. මේ සද්දය මොකක්ද කියල හොයාගෙන ආපු ගම්වැසියෝ ගම්මානෙ දොරටුව ළඟටම ආවා. එයාලට දකින්න ලැබුණා ගහපුරාම ෆීනික්ස් කුරුල්ලන්ට සමාන ලස්සන කුරුල්ලො ගොඩක් පිරිලා ඉන්න හැටි.ඇත්තටම මේ වුතෝං ගහට ආකර්ෂණය වෙලා තිබුනේ ෆීනික්ස් කුරුල්ලෝ .එදා උදේ පටන් මේ ෆීනික්ස් කුරුල්ලෝ වූතෝං ගහේ ජීවත් වෙන්න පටන් ගත්තා. මැජික් ඇට අරගෙන ආපු ෆීනික්ස් කුරුල්ලෝ ඒවා ක්විෂාන් කඳුකරයේ කැවෝකාං ගම්මානයේ වැපිරුවා. මේ ඇට පැලවෙලා මුළු කඳුවැටියෙම කොල පාටින් බබළන්න පටන් ගත්තා. බිම් සරුසාර වුණා. තවත් ලස්සනට වුතෝං ගහ දළු දැම්මා .
70-80 දශකවල ශ්‍රී ලංකික ජනතව අතර අතිශයින් ජනාදරයට පත් චීන ළමා කෘතියකි .දැන් මෙම කෘති නව මුද්‍රණයකින් ලාංකික දරුවන්ට කියවීමට හැක .මේ කතන්දර මාලාව සමඟ ලොව පුරා දරුවන්ට චීනයේ ළමුන් ඇසු කතන්දර කියවීමේ අවස්ථාව උදා වී ඇත ඔබේ යෞවනයේ ඒ කතා මෙන්ම මේ කතන්දරත් ඔබට සහ මේ දරුවන්ට අර්ථවත් හා වටිනා ඒවා වනු ඇත.











Be the first to review “දිව්‍යමය ගසේ ෆීනික්ස් කුරුල්ලෝ”