වසන්ත එහි සාරවත් බව සහ ශෝභාව පරිසරය පුරා දිග හළේය .රැයක් එළිවන විට නිවෙස පසෙකින් වූ පැරණි බර්ච් ගසේ අතු ඉති අතරින් කොළ මතු වී තිබුණි. උදෑසන උදාවිය. ඒ අතු පත මත රැඳුනු රතු පැහැ අංකුර වැලන්ටිනා දුටුවේ හිරුගෙන් විහිදුණු රන්වන් ආලෝක බිදු අතරනි .
ගමට එහා තිබුණු කැලෑව ඇයට තාමත් ගුප්ත, ආශාව උපදවන තැනකි , දැන් ඒ මත බුමුතුරුනුවන්ව ඇතිරුණු තෘණ සහ පඳුරුය .මේ නොදන්නා අපූරු වන ලැහැබ තුලට වැදී එක් ක්ෂණික බැල්මක් සොරකම් කරගෙන ආ හැකි වියේ නම්! බලන්නට පමණක් එක් වරක් හැකිනම්! එයට ඉඩ ලැබේවිදි?
ඉතින් මේ අවස්ථාවට පැමිණ තිබේ. දිනක් සීයාටත් කරත්තයට අලුත් බෝන් ලී දණ්ඩයක් ඕන කළේය .පොරව අතට ගත් හේ මෙසේ කීවේය.
“ඉතින් ළමයිනේ කවුද කැමති බිම්මල් කඩන්න කැලේට යන්න ?”







Reviews
There are no reviews yet.